Pages

Saturday, October 11, 2014

නොමිලේම Download කරගන්න පුළුවන් සුපිරිම WordPress Theme එකක්

දැනුම සොයන ඔබගේ යාලුවන්ටත් මේ දැනුම ලබාදෙන්න මේ ලිපිය Share කරන්න
WordPress කියන්නේ බ්ලොග් කරන අය අතර ඇති ජනප්‍රියම වචන වලින් එකක්. සිංහල බ්ලොග් කරන හුගක් අය Blogger වලින් බ්ලොග් හදලා තිබුනට WordPress භාවිතා කරන විශාල පිරිසක් ඉන්නවා. හුගක් Blogger Templates ඔබට නොමිලේම ලබාගන්න පුළුවන් උනාට හුගක් WordPress Themes මුදල් දීලා මිලදී ගන්න ඕන themes. අප මෙම බ්ලොග් අඩවියට භාවිතා කරන්නෙත් එහම මුදල් දී මිලදී ගත්ත theme එකක්. නොමිලේම Download කරගන්න පුළුවන් WordPress Themes දහස් ගණනක් තිබුනත් Professional පෙනුමක් ඇති නොමිලේම download කරගන්න පුළුවන් Themes හරිම අඩුයි.
wp theme
මෙම post එක හරහා නොමිලේම Download කරගන්න පුළුවන් සුපිරිම WordPress Theme එකක් අපි ඔබට ලබා දෙනවා. මෙම Theme එක මේ වන විට 90000 කට වැඩි පිරිසක් Download කරගෙන තියෙන්නේ මෙහි ඇති සුවිශේෂ වගේම සිත් ඇදගන්නා බව නිසයි. විශේෂයෙන්ම Technology බ්ලොග් එකක් සදහා මෙම Theme එක වඩාත් සුදුසුය.

https://wordpress.org/themes/hueman

ඔබගේ බ්ලොග් එකට Android App එකක් නොමිලේම හදාගන්නේ කොහමද?

දැනුම සොයන ඔබගේ යාලුවන්ටත් මේ දැනුම ලබාදෙන්න මේ ලිපිය Share කරන්න
Android යනු ජංගම දුරකථන වලට වගේම ටැබ්ලට් සදහා එන මෙහයුම් පද්ධතියකි.

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්.
එයින් සේවා කිහිපයක් මෙන්න:

Blogger

Blogger ඔබ Blogger මගින් බ්ලොග් අඩවියක් සාදාගන්නට බලාපොරොත්තු වෙනවා නම් Gmail ලිපිනයක් තිබීම වාසිදායකයි. Blogger බලගන්වන්නේද Gmail බලගන්වන ගූගල් මගින් නිසා එකම පිවිසුමක් මගින් ඔබේ බ්ලොග් අඩවියද සාදාගන්නට පුළුවන්. Blogger හි බ්ෙලාග් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා www.blogger.com වෙත පිවිසීමෙන් පසු ඔබට ජීමේල් ලිපිනයක් තිබේනම් එම ලිපිනයත්, මුරපදයක් සටහන් කර ඇරඹිය හැකියි. එසේ නොමැතිනම් Create a Blog මත ක්ලික් කරන්න.

WordPress.com

Wordpress WordpPress.com හි බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට එම අඩවිය වෙත පිවිස එහි ඇති Sign up Now මත ක්ලික් කරන්න. දැන් මෙම සේවාව සිංහල භාෂාවෙන්ද ලබාදෙන නිසා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරිමෙන් පසු එහි පාලක පැනලයෙන් ඔබට අතුරුමුහු‍ණතේ භාෂාව වෙනස් කරගන්නට පුළුවන්.

MyBlog.lk

myblog.lk මීට අමතරව අප සංසදය මගින් ලබාදෙන myblog.lk සේවය මගිනුත් ඔබට බ්ලොග් අඩවියක් අරඹන්නට පුළුවන්. මෙහි ක්‍රියාත්මක වන්නේත් WordPress අනුවාදයක් වන අතර පෙරනිමියෙන්ම එහි ලැබෙන්නෙ සිංහල අතුරු මුහුණතක්. මෙහි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීමට අඩවිය වෙත පිවිස create a blog now මත ක්ලික් කරන්න.

WordPress

WordPress මේ ආකාරයෙන් බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කිසිදු ක්‍රමලේඛණ  (programming) දැනුමක්, වෙබ් නිර්මාණය (web developing) පිලිබඳ දැනුමක් හෝ මහලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැති බව කිව යුතුයි. එම සේවා සකසා ඇත්තේ ඕනෑම පරිශීලකයෙකුට ඉතා පහසුවෙන් ඉගෙනගෙන භාවිතා කල හැකි ආකාරයකට. ඔබ වෙබ් නිර්මාණය ගැන දැනුමක් ඇත්තෙක් නම්, ඔබටම ඩොමේනයක් හා වෙබ් ස්පේස් එකක් ඇත්නම් වඩාත් අලුත් ආකාරයකට ඔබේ බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්නත් පුලුවන්. ඒ Wordpress නම් ලෝ සුපතල වෙබ් මෘදුකාංගය ඔබේ සර්වරයක පිහිටුවීමෙන්. මේ සම්බන්ධ සියලු විස්තර www.wordpress.org මගින් ලබාගත හැකියි. මලින්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් WordPress මෘදුකාංගය සිංහලයට ද පරිවර්තනය වී ඇති අතර එම සිංහල අනුවාදය si.wordpress.org මගින් ලබාගත හැකියි.
බ්ලොග්කරණයේදී ඔබට විවිධ ගැටලු මතු විය හැකි වුවත් ඒ පිලිබඳව බිය විය යුතු නැහැ. ඔබේ බ්ලොග්කරණය සම්බන්ධ සියලු ගැටලු වලට උදව් කිරීම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක් ප්‍රධාන පරමාර්ථයක්. මෙසේ උදව් උපකාර ලබා ගැනීමටත්, අන් අයගේ ගැටලු වලට උදව් දීමටත් ඔබට අපේ ගූග්ල් සමූහය වෙත එක් වෙන්න පුලුවන්.

ඔක්කොම එකපාර එකට දාගන්න.




ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද  මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.

ඔක්කොම එකපාර එකට දාගන්න.




ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද  මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.

Blog එකට එන යාළුවන්ට අලුත් අවුරුද්දට සුභ පතන්න බැනර් එකක් දාගමු.





ඉස්සල්ලම කියන්න ඕනෙ මට ගොඩක් කාලයකින් blog එකට කිසිම Post එකක් දාගන්න බැරි උනා ඒකට හේතුව මට ඒ සදහා වෙන් කරගන්න කාලයක් නැති වුනා, ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්‍රකශ කරන අතර ඉදිරි මාස 5ක් තුලද(අගෝස්තු මස දක්වා). බ්ලොගයට නිතර නිතර ලිපි දැමීමට නොහැකි විය හැකි අතර ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොගය කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.
ඉතිං එතකන් මේ Blog එක අමතක නොකර Blog එක සමග රෙදී සිටින ලෙස කාරුනිකව ඔබ සැමගෙන් ඉල්ල සිටිනවා..
හරි දැන් අපි බලමු අපි කරන්න ආපු වැඩේ මොකද්ද මේ blog එකට දාගන්න යන Banner එක කියල
මතක ඇතිනෙ කලිනුත් මම මේ වගේම post 2ක් දැම්ම එකක් නත්තලට දැම්මෙ අනික දැම්මෙ 2015 අලුත් අවුරුද්දට.
මේකත් ඒවගේම බැනර් එකක් තමා හැබැයි මේකෙ තියෙන්නෙ සිංහලෙන් පහත link එකෙන් ගිහින් බලන්නකෝ බැනර් එක.
ඉතිං ඔයාලටත් මෙ බැනර් එක ඔයාලගෙ Blog එකට දාගන්න හොදයි කියල හිතුනනම් පහත පියවර අනුගමනය කිරීමෙන් දාගන්න පුලුවන්.
01. Design > Add A Gadget > Html/Javascript
02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න.



03. දැන් save කරන්න.

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්නෙ මෙහෙමයි. 




ඔන්න මම අද ගෙනාවේ ඔබේ blog එකට ඔය උඩින් දාලා තියන පිංතූරයේ ආකාරයට cursor  එක  පසුපසින් එන විදියට ඔබ කැමති අකුරු ටිකක් දා න විදිය ගැනයි. කිව්ව එක තේරුනාද දන්නෙත් නෑ post එක ඔක්කොම කියවන්නකෝ එතකොට තේරුම් ගන්න පුලුවන්.

මේකත් එච්චර අමාරු වැඩක් නෙමේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම blogger home page එකට යන්න ඊට පස්සෙ Desing tab එකට යන්න ඒකෙ Page Elements tab එකේ දකුනූ පැත්තෙ තියන Add a Gadget මත click කරන්න එතකොට මතුවෙන window එකේ HTML/JavaScript මත click කරන්න එතකොට පහත ආකාරයේ window එකක් එනවා.

 ඒකේ Content කියන text box ඒකට මම post එක යටින්ම දීලා තියන code එක  paste කරන්න දැන් ඒක save කරන්න. ඊට පස්සෙ Desing tab එකේ දකුනු පැත්තෙ උඩ තියන save button එකත් click කරන්න. දැන් blog  එකට ගිහින් බලන්න දීපු අකුරු ටික cursor එක පස්සෙන් ඒවි.

Code එකේ your text here කියන තැනට ඔයාට කැමති අකුරු ටික දාගන්න පුලුවන් දාගන්න පුලුවන්.

පිංතූරය පැහදිලි නැත්නම් click කරලා බලන්න.


Code එක මෙතන දාන එක හරිගියෙ නෑ ඒ නිසා දැනට text file එකක දාලා mediafire එකට upload කලා ඒ ක පහත link එකෙන් ගන්න.

(මේක හරියන්නෙ නෑ කියලා comment තිබ්බ නිසා පහලින් තව code එකක් දැම්මා ඒක දාගන්න,
 දාල බලල ඒක හරියන්නෙ නැති අය මේක දාගන්න, මේක හරියන්නෙ නැති අය ඒක දාගන්න)


ප.ලි.
මේ post එකට දාල තිබුන ගොඩක් ප්‍රතිචාර වලින් පෙනුනෙ මේක හරි ආකාරව වැඩ නොකරන බවයි.
මම මේක කිහිප වරක්ම නිවැරදි කලත් අදහස් දැක්වපු අය ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මම හිතුවෙ දැන් හරි ඇති කියල.
මොකටත් මම වෙන blog එකක් හදල code එක දාල බැලුවා ඒකට හරියට වැඩ කරන්නෙ නෑ තමා text එක ගොඩක් පස්සෙන් එන නිසා ඒක පේන්නෙ නෑ. හැබැයි ඔය දීල තියන code එක මගෙ blog එකටනම් හොදට වැඩ කරනව සමහර විට මම දාල තියන template එක නිසා වෙන්න ඇති.

දැන් ඒක හරිගැස්සුවා. මෙතනින් ගිහින්  බලන්න වෙනම blog එකක් හදල අලුත් code එක දාල තියනවා හොදට වැඩ කරනව.

මෙන්න පහලින් තියනව හරිගස්සපු code එක මේක දාගෙන බලන්න. බලල හරි ගියාද කියල කියන්නත් අමතක කරන්න එපා.